පදවිය ගොවි ජනපදයේ ආරම්භ වීමත් සමඟ මිනිසුන් ජනාවාස වීමෙන් අනතුරුව ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ අවස්ථාව උදාකර දීමේ අවශ්‍යතාවය මත 1958 ඔක්තෝබර් මස 20 වැනි දින සිසු දරුවන් 8 දෙනෙකුගෙන් හා විදුහල්පති හා එක් ගුරුභවතෙකුගෙන් ආරම්භ් කරන ලදි.
මෙසේ ආරම්භ වූ පාසල මුල් අවධියේදී 20 x 110 ශාලා 01 යුක්ත වූ අතර ආරම්භක විදුහල්පති ලෙස D.D.S.බස්නායක මයා කටයුතු කර ඇත. වෙනත් ගුරු භවතුන් නොසිටි අතර විදුහල්පති තුමාම ගුරු වරයා ලෙසද කටයුතු කර ඇත.
අනතුරුව 1961 වර්ෂය පමණ වන විට ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවිය.ශිෂ්‍ය සංඛ්‍යාව සීග්‍රයෙන් වැඩි වූ වකවානුවක් ලෙස 1961-1970 හැඳින්විය හැක. ඒ අනුව ඉදිකර තිබූ ශාලාව ප්‍රමාණවත් නොවීම නිසා සෙවිලි පොල් අතු සෙවිලි කළ ශාලාවක් ඉදි කරන ලදී. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. ඒ අනුව මුල්ම සමයේ අධ්‍යාපන කටයුතු කරගෙන ඉදිරියට කටයුතු කර ඇත.
එසේම සිසුන්ට වන්දනාමාන කිරීම විහාර මන්දිරයක්ද ඉදිකරවා ඇත.1958-10-20 දින පාසල රජයට පවරා ගැනීමත් සමග භෞතික අතින් පාසල තව තවත් සංවර්ධනය වූ අතර, පසුකාලීනව නව ගොඩනැගිලි හතරක්, ,ගුරු නිවාසයක්, පුස්කාතලයක් සහ කාර්යාල ගොඩනැගිල්ලක්ද පාසලට එකතු විය.
ඒ සමගම ග්‍රාමීය විවිධ දක්ෂතාවලින් පිරිපුන් සිසුන් අප පාසලට එකතු වූ අතර අධ්‍යාපනයේ ද කැපී පෙනෙන වර්ධනයක් එම යුගයෙන් පසුව ඇති විය. පාසලේ සිසුවෙකු මුල් වතාවට විශ්වවිද්‍යාල වරම් හිමි කරගැනීමට සමත් වූ අතර ඉන් පසුව වාර්ෂිකව විදුහලෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලැබූ සිසු සංඛ්‍යාව ද ඉහළ ගියේ ප්‍රදේශයටද විදුහලේ කීර්ති නාමයටද තවත් වටිනාකමක් එක් කරමිනි. පාසලෙන් බිහිවූ විශිෂ්යිටන් රටේ විවිධ උසස් තැන්වල තනතුරු දරමින් රටට දැයට අමිල සේවයක් ඉටුකර ඇත. එය විද්‍යාලය ලැබූ ඉහළම ජයග්‍රහණය ලෙසද සදහන් කළ යුතුය.
පසුව 1980 විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක් ද පාසලට එකතු විය.
විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ද්විතීයික අංශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.
විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, චාරිකා, විවිධ ආගමික වැඩ සටහන්, ශිෂ්‍ය භට, බාලදක්ෂ, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 32ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 1කින් සමන්විතය. 415 පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "නැණැති ගුණැති දෑ හිත ඇති දරුවෙක්" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේ ද ලැබෙන සහය විශාල ශක්තියකි.
|
ආරම්භ කළ වර්ෂය |
1958-10-20 |
|
පාසල් අංකය |
01372 |
|
සංගනණ අංකය |
19078 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
02 |
|
මුල් ගුරුතුමාගේ නම |
D.D.S.බස්නායක |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
අ/පදවි පරාක්‍රමපුර ම.වි. |
|
පාසල රජයට පවරාගත් දිනය |
1958-10-20 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
ප්‍රධාන ශාලාව |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
A.M.රාජගුරු |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
W.සෝමාවතී |
|
වර්ගය |
IC |
|
ලි.ප.ලං |
201900 |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1958-10-20 |